දුර ඈත සිතිජයේ
ඉර ගිලෙන වෙලාවක
රාමන්...,
තල් රුප්පාව මෑදින් යලි වරෙන්
සාම්පූර් වෑල්ලට...
බලාගෙන රාමන්, උඹ වෑටෙයි.,
ශෙල් වෙඩිල්ලෙන් සෑදුණු
වල් ගොඩෑලි මග හෑර වරෙන්
තඹ පාට වෑල්ලට..
උඹේ අප්පා., මගේ තාත්තා වෑළලුණු ඉසව්වට
වරෙන් මා එක්ක..
තඹ වෑල්ල පහුරු ගා අපි හොයමු...
උඹේ සිහින., මගේ සිහින වෑළලිලා ඈති එතෑන....
රාමන්..., හිතේ කහටක් නෑතිව
හිනාවෙයන් මා එක්ක එදා වගේම..
උඹේ ලේ- මගේ ලේ වෙනසක් කොහිද..?
සතුරු බලකොටු තනන්,
ලේ., කදුළු වගුරමින්
උදාවෙන හෙට දවස
අපි දිනන්නේ කොහොම..?
අපි හෑමට පොදු වුණ
නියම සතුරන් තවම අපි සමග,,. අපි අතර..
හෙට ඈවිත් උන් උඹේ අතටත් තුවක්කුව දෙන්න පළමුව
රාමන් වරෙන්..,
රත්තරන් පාට හෑන්දෑවක
සාම්පූර් වෑල්ලට
පුරුදු සහෝදර කමෙන් වෑලදගන්න....
පරම්පරා ගණනක් තිස්සෙ වුණු
වෑරදි හදාගන්න....
අත දියන් රාමන්.,
උඹට මට උදාවෙන හෙටදවස
යළිවරක් කවුරු හෝ බිලිගන්න පොරාතුව
අත දියන් රාමන් හිතේ කිලුටක් නෑතුව
උඹට, මට අපි හෑමෝටම අයිති
මේ මහපොළොව ලස්සන කරන්නට....,
තල් රුප්පාව මෑදින්
දුවගෙන වරෙන් රාමන්
මන් ඉන්නවා මගබලන්......!!!
ඉර ගිලෙන වෙලාවක
රාමන්...,
තල් රුප්පාව මෑදින් යලි වරෙන්
සාම්පූර් වෑල්ලට...
බලාගෙන රාමන්, උඹ වෑටෙයි.,
ශෙල් වෙඩිල්ලෙන් සෑදුණු
වල් ගොඩෑලි මග හෑර වරෙන්
තඹ පාට වෑල්ලට..
උඹේ අප්පා., මගේ තාත්තා වෑළලුණු ඉසව්වට
වරෙන් මා එක්ක..
තඹ වෑල්ල පහුරු ගා අපි හොයමු...
උඹේ සිහින., මගේ සිහින වෑළලිලා ඈති එතෑන....
රාමන්..., හිතේ කහටක් නෑතිව
හිනාවෙයන් මා එක්ක එදා වගේම..
උඹේ ලේ- මගේ ලේ වෙනසක් කොහිද..?
සතුරු බලකොටු තනන්,
ලේ., කදුළු වගුරමින්
උදාවෙන හෙට දවස
අපි දිනන්නේ කොහොම..?
අපි හෑමට පොදු වුණ
නියම සතුරන් තවම අපි සමග,,. අපි අතර..
හෙට ඈවිත් උන් උඹේ අතටත් තුවක්කුව දෙන්න පළමුව
රාමන් වරෙන්..,
රත්තරන් පාට හෑන්දෑවක
සාම්පූර් වෑල්ලට
පුරුදු සහෝදර කමෙන් වෑලදගන්න....
පරම්පරා ගණනක් තිස්සෙ වුණු
වෑරදි හදාගන්න....
අත දියන් රාමන්.,
උඹට මට උදාවෙන හෙටදවස
යළිවරක් කවුරු හෝ බිලිගන්න පොරාතුව
අත දියන් රාමන් හිතේ කිලුටක් නෑතුව
උඹට, මට අපි හෑමෝටම අයිති
මේ මහපොළොව ලස්සන කරන්නට....,
තල් රුප්පාව මෑදින්
දුවගෙන වරෙන් රාමන්
මන් ඉන්නවා මගබලන්......!!!
මගේ කවිය- milanoX


No comments:
Post a Comment