Thursday, 31 March 2011

හිස් වුණු හිත් අහස.

අළු පාට වලාකුළු මිලානෝ අහසට සමුදෙන්න පටන් අරන්..,මළානික හිරුඑලිය පතිත වෙන වසන්තයේ හෑන්දෑවක්.......
park එකේ තණ නිල්ල මෑදින් මතුවුණ නමක් නොදන්න මලක් මගෙ සපත්තුවට පෑගෙන්න ගියා.. ම0 තණනිල්ල දිහා උනන්දුවෙන් බෑලුවා. සුදෝ සුදු මල් යායක්... ම0 හෑමදාමත් ඒ මල්යාය පාගගෙන ඒ උඩින් අඩි තියලා තිබුණා..
ඉති0 ඈයි අද විතරක් පරිස්සමින් අඩි තියන්නෙ..? ම0 කාලකණ්ණියෙක් වගේ ඒ මල් යාය පාගගෙන ඈවිදන් ගියා.....
බෑහෑගෙන යන ඉර එළිය අහසේ සිත්තම් මවනකොට... වෑවේ දියරෑලි රටා මවනවිට... ම0 මිලානෝ සෞන්දර්යය විදගන්න උත්සහා කලා.
ඒත් හිතේ ගෑඹුරකින් ල0කාව ගෑන මතකයක් ඔළුවට කඩන් පාත්වෙද්දි වෑවෙන් ගොඩ දාපු මාළුවෙක් වගේ මගේ හිතත් ගෑහෙන්න පටන් ගත්තා. ඊට පස්සෙ මගෙ හිතට මිලානෝ වල සෞන්දර්යය විදගන්න පුළුවන් කමක් තිබුණේ නෑ.
ල0කාවෙ දුප්පත් මතකය ඉස්සරහා මිලානෝ අසිරිය දියවෙලා ගියා...!
ම0 හිස්ම හිස් අහස දිහා බෑලුවා. ඒ අහසත් හරියට දෑන් ජීවිතය වගේ..
හිස්ම හිස්., පාළුම පාළුයි....
භෞතික ජීවිතය මොනතරම් පරිපූර්ණ වුනත් අධ්‍යාත්මය රවට්ටන්න බෑ..
"...බතක්-වතක්.,
ගෙයක්-දොරක්,
රස්සාවක්..,
ලද පමණින් විමුක්තියක් ලෑබිය හෑකිද..?
ජීවිතයේ නිරන්තරව පෑතිරී ඈති දුක එතනින් නිමා වෙයිද..."
 -මහගම සේකර-
සේකර එහෙම කිවුවෙ මේ යතාර්ථය පසක් කරගෙන හිටපු නිසාවෙන් වෙන්න ඈති.
ඒත්......... ඒ හිස් අහසේ කොණක දිලිසෙන ඉරක් තිබුණා.. මට ඒ මළහිරු ගෑන ආදරේ හිතුණා.., ගෞරවයක් ඈතිවුණා..
ල0කාවෙදිත් මට එළිය දුන්නේ ඒ ඉරමයි කියලා ම0 දෑනන් හිටියා...
..හිරු නෑගෙන තුරු බලා ඉමි....
අලුත් ලොවකට...
අලුත් මානව ස0හතියකට..,
අලුත් එළියක් අරන්..
යළිත් හිරු නෑගෙනතුරු බලා ඉමි....

Sunday, 27 March 2011

last X'mas... ..14-12-2010-rome.

how nice is being together...., flying together.., rocking together...! 
හෙට ඉරක් පායාවි.., සත්තමයි..! ඉස්සර මO එහෙම හිතුවා... ඉස්කෝලේ ඩෙස් වල ඈති වෙනකම් ආර්ට් කෑලි දදා මේ වචන හතර ලිවුවා. පොත්වල පිටකවර උඩත් ඒක ලියාගත්තා. ඈත්තටම මේ වචන කොහෙන් අහුල ගත්තද? කියන එක මටත් හරියට මතක නෑ. කොහේ හරි පොතකින්, එක්කො පත්තර කෑල්ලකින් මේ වචන ඈහෑට දකින්න ඈති...,
ඒකෙ තියෙන රෑඩිකල් රිදම් එක නිසා හිතට වදින්න ඈති...
ඒත් ඈත්තටම හෙට ඉරක් පයයිද...?

හෑමදම පායන ඉර අලුත් විදිහට.., අලුත් ලෝකෙකට.., අලුත් ඔළු ගෙඩි උඩින් පායයිද...?
මO සුභවාදීව හිතන්න උත්සහා කරනවා....,
හෙට ඉරක් පායාවි.....!!!
Milano.-piazza affari- 24marzo2011.
la dfferenza fra una democrazia e una dittatura è che democrazia prima voti e poi prendi ordini:
in una dittatura non devi perdere tempo a votare.."

Saturday, 26 March 2011

මම තඩි හෙළයෙක්.,උඹ පර දෙමලෙක් වෙන්නෙ කොහොමද...?

දුර ඈත සිතිජයේ
ඉර ගිලෙන වෙලාවක
රාමන්...,
තල් රුප්පාව මෑදින් යලි වරෙන්
සාම්පූර් වෑල්ලට...
බලාගෙන රාමන්, උඹ වෑටෙයි.,
ශෙල් වෙඩිල්ලෙන් සෑදුණු
වල් ගොඩෑලි මග හෑර වරෙන්
තඹ පාට වෑල්ලට..
      උඹේ අප්පා., මගේ තාත්තා වෑළලුණු ඉසව්වට
                වරෙන් මා එක්ක..
      තඹ වෑල්ල පහුරු ගා අපි හොයමු...
      උඹේ සිහින., මගේ සිහින වෑළලිලා ඈති එතෑන.... 
රාමන්..., හිතේ කහටක් නෑතිව
හිනාවෙයන් මා එක්ක එදා වගේම..
උඹේ ලේ- මගේ ලේ වෙනසක් කොහිද..?
         සතුරු බලකොටු තනන්,
         ලේ., කදුළු වගුරමින්
                        උදාවෙන හෙට දවස
                        අපි දිනන්නේ කොහොම..?
අපි හෑමට පොදු වුණ
නියම සතුරන් තවම අපි සමග,,. අපි අතර..
හෙට ඈවිත් උන් උඹේ අතටත් තුවක්කුව දෙන්න පළමුව
රාමන් වරෙන්..,
රත්තරන් පාට හෑන්දෑවක
සාම්පූර් වෑල්ලට
පුරුදු සහෝදර කමෙන් වෑලදගන්න....
         පරම්පරා ගණනක් තිස්සෙ වුණු
         වෑරදි හදාගන්න....
         අත දියන් රාමන්.,
         උඹට මට උදාවෙන හෙටදවස
         යළිවරක් කවුරු හෝ බිලිගන්න පොරාතුව
          අත දියන් රාමන් හිතේ කිලුටක් නෑතුව
උඹට, මට අපි හෑමෝටම අයිති
මේ මහපොළොව ලස්සන කරන්නට....,
තල් රුප්පාව මෑදින්
දුවගෙන වරෙන් රාමන්
මන් ඉන්නවා මගබලන්......!!!

 මගේ කවිය- milanoX
මමත් මහා බ්ලොග් අවකාශයේ එළිපත්තට ගොඩවෙලා බලන් ඉන්නවා.....
කියාගන්න බෑරිවුන දහසක් දේවල් සයිබර් අවකාශයට මුදාහරින්න අවසරයි....!

Friday, 25 March 2011

HISTORY'S SHIFTING SANDS..!

La natura è grandiosa., ma la storia mi sembra più grandiosa della natura. la natura ha messo milioni di anni a generare esseri coscienti, e questi esseri coscienti hanno ora bisogno di migliaia d'anni per agire insieme con coscienza- con coscienza cioè non solo delle loro azioni come individui,
ma anche delle loro azioni come massa- cooperando e perseguendo uno scopo comune e prevenitamente voluto.
A tanto siamo ormai quasi arrivati.. e osservare questo processo, questo delinearsi sempre più vicino di qualcosa che nella storia della nostra terra non c'è mai stato., mi sembra uno spettacolo che vale la pena di seguire, e tutta la mia vita non sono mai riuscito a distoglierne gli occhi...
friederich engels- 1893.